Type Here to Get Search Results !

හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..


පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා තමන්ට එල්ල කිරීමට උත්සාහයක් ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පාස්කු කොමිසම ගැන කතා කරන්නේ තමන්ව හිරේ දමන්න වුවමනා පිරිසක් බවත් පැවසූ ඔහු එම කොමිසම ගැන යම්කිසි දවසක තමන්ටද කියන්නට අවස්ථාව එනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල අමතමිනි.

“ආණ්ඩු පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඔක්කෝම ගහනවා මට. ආණ්ඩු පක්ෂයත් ගහනවා. විපක්ෂයත් ගහනවා පාර්ලිමේන්තුවේ අගමැතිත් ගහනවා, මැති ඇමතිවරුත් ගහනවා. මම අවුරුදු 5කට මාස එක හමාරයි අඩු ජනාධිපති ධූරයට.

මට බනින එක නෙමෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේ වගේ හිඟමනයට වැටෙන්නේ නැතුව. මෙහෙම ගෑස් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි, පොහොර ප්‍රශ්නයි මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙමෙයි නේ.

මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝප වෙනවා. මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම පත්කරපු කොමිසම.

හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත් කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට. මාව හිරේ දා ගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ. පාස්කු කොමිසම ගැනත් මං යම් කිසි දවසක මට කියන්න අවස්ථාව එයි. මං එදාට කියන්නම්.”


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads