Type Here to Get Search Results !

ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධව පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේදී සාකච්ඡා වට කීපයක් පැවැති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂය නියෝජනය කරන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයකු දිගින් දිගටම පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව, සමගි ජනබලවේගය සමග සම්බන්ධ විය යුතු බවය.

මෙම අදහසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සිය විරෝධය දක්වා ඇත.මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම මගින් සිදුවන්නේ පක්ෂයට හානියක් යැයි ද පක්ෂයේ බහුතරයක් හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

මේ අතර, පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීමේදී සම්මුඛ පරීක්ෂණවලින් තෝරා නොගත් කීප දෙනකුට ද සංවිධායක තනතුරු ලබාදීම නිසා මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

පක්ෂයේ ඌව පළාතේ සංවිධායකවරයකු පක්ෂයේ කටයුතුවලට දැඩි ලෙස විරෝධය දක්වා සිය සංවිධායක ධුරයෙන් ඉවත්වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලිඛිතවම පක්ෂයට ලබාදෙමිනි. මෙම සංවිධායකවරයා පක්ෂයේ සභාපතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද අනාවරණය වෙයි.

මෙවැනි ගැටලු රැසක් නිසා පක්ෂය දෙකඩවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත්, හිටපු ජනාධිපතිවරයා සහ වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයා එක් පාර්ශ්වයක් ලෙසද, පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් අනෙක් පාර්ශ්වය ලෙසද දැනටමත් කටයුතු කරමින් සිටින බවත් පැවසේ.

– aruna


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads