Type Here to Get Search Results !

‘B-Love kandy’ අනුග‍්‍රාහකයා තහනම් ආයතනයක්.. LPL අනුග‍්‍රහයට තහනම් ආයතන 15ක්…


 මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ‘B-Love kandy’ කණ්ඩායමට අනුග්‍රහය දක්වා ඇත්තේ තහනම් කරන ලද ආයතයක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ක‍්‍රිප්ටො මුදල් ඒකක හුවමාරු ආයතනයක් වූ මෙම ආයතනය මෙරට තහනම් එකක් බවද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ඔහු මේ බව කියා සිටියේය.

මෙවර පවත්වන ලද ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු ඇති බවද පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් පාලක මණ්ඩල යන දිශානතිය සම්බන්ධයෙන් ගැටලුවක් එහිදී මතුව ඇති බවද ඔහු පැවසීය.

මෙම තරගාවලියේදී ක‍්‍රිප්ටො ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වූ බවට ද ඔහු චෝදනා කරයි.

මෙම තරගාවලියේ දී තහනම් කරන ලද ව්‍යාපාර ක්‍රමයන් මෙරට තුළ ප්‍රවර්ධනය සඳහා මෙම තරගාවලිය භාවිතා කරනු නිරීක්ෂණය වූ බව ද හෙතෙම චෝදනා කළේය.

මෙම තරගාවලිය සඳහා තහනම් කරන ලද ආයතන පහලොවක් පමන අනුග්‍රහය දක්වා තිබූ බවට ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads