Type Here to Get Search Results !

‘මදුසංක’ පච්චයෙන් කදු මුදුනේ මිය ගිය කාන්තාවගේ අබිරහස එලිවෙයි…


 තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි ඉකුත් (01) දින ලිදුල පොලිසිය විසින් සොයාගත් අභිරහස් ලෙස මිය ගිය කාන්තා මල සිරුර (22) දින ඇයගේ නිතියානුකුල සැමියා සහ ඥාතින් විසින් හදුනා ගැනිමෙන් අනතුරුව නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර (22) දින පස්වරුවේ ඥාතින් වෙත භාරදුන් බව ලිදුල පොලිසිය පැවසිය.

මියගිය කාන්තාවගේ සිරුර හදුනාගැනිම සදහා ලිදුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇගිලි සලකුණු රැගෙන ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තුමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කිරිමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වි තිබු බවත්, ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතින් හදුනාගැනිමට හැකි වු බවයි ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා කියා සිටියේ.

මෙසේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති (36) හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නිතියානුකුල සැමියාගෙන් වෙන් වි වෙනත් පුද්ගලයන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවත්, මියගිය කාන්තාවගේ නිතියානුකුල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බවයි ලිදුල පොලිසිය විසින් දැනට කරන ලද විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනාගත් බවත්, මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සදහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ෂණ සිදු කරයි.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි හමු වු ජුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් බවට සැකකරයි.

අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ ශරිරයේ කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇත.

– රංජිත් රාජපක්ෂ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads