Type Here to Get Search Results !

MTFE වැඩ දැමූ ලොක්කන් නිවෙස්වලින් අතුරුදන්…

 

පිරමිඩාකාර මූල්‍ය ගනුදෙනුවක නිරත වූයේ යැයි චෝදනා එල්ල වී ඇති MTFE ආයතනයෙන් මෙරට දැනට සිටින ප්‍රධානින් කිහිප දෙනෙකුම තම නිවාසවලින් අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.

අදාල ආයතනයේ මුදල් ආයෝජනය කළ කිහිප දෙනෙකුම තම සම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කර ඇත්තේ තමන්ගේ මුදල් සම්බන්ධයෙන් විමසීමට තමන් ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ගිය මුත් ඇතැම් අය නිවෙස් වල පවා නොමැති බවයි.

මේ වන විට එම ආයතනයේ ජංගම දුරකථන යෙදවුමද දෝෂ තත්ත්වයේ පවතින අතර සියලු දෙනාගේම මුදල් ශේෂය පෙන්වන්නේ සෘණ අගයකි.

මේ වන විටත් මෙරට එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඩුබායි වෙත ගොස් සිටින අතර තවත් පස් දෙනෙකුට ශ්‍රී ලංකාවෙන් පිටවීම වාරණය කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය මූල්‍ය හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් සිටියි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads