Type Here to Get Search Results !

දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරයක්..


 දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.


ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.


දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට එරට බූසාන් නගරයේදී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.


ලී ජේ මියන්ග් මෙලෙස පිහිඇනුමට ලක්ව ඇත්තේ මාධ්‍ය හමුවක් අතරතුරදීය.


ප්‍රහාරයෙන් ඔහුගේ ගෙලට තුවාල සිදුව ඇති අතර සිහිමඳ තත්ත්වයේ පසුවූ ඔහු රෝහල්ගත කර තිබේ.


ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.


ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.


2022 පැවති ජනාධිපතිවරණයේදී ප්‍රබල භූමිකාවක් ඉසිලූ ලී ජේ මියන්ග් එහිදී පරාජයට පත්වූයේ සීමිත ඡන්ද සංඛ්‍යාවකිනි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads