සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හමුවී තිබේ.
ජා-ඇළ නගර සභාවේ සේවකයින් අද (01) ඇළ මාර්ගය පිරිසිදු කරමින් සිටියදී මෙම අත්බෝම්බය දැක ඇති අතර, ඒ පිළිබඳව කඳාන පොලිසිය දැනුවත් කර ඇත.
පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර, අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට භාරදී තිබේ.


