Type Here to Get Search Results !

මහින්ද යුද්දෙ දින්නේ කොටින්ට සල්ලි දීලා..


 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් ඉන් පසු ඒ ආකාරයේ කුමන්ත්‍රණ රැසක් ඔවුන් තම බලය පවත්වාගෙන යාමට සිදුකර ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මය සඳහන් කරයි.


එම කටයුතු සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව වත්මන් ජනාධිපති එවකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද උදව් කර ඇති බවද ඇය කියා සිටියි.


2005 දී එල්ටීටීඊ සංවිධානයට බෑග් පුරවා මුදල් ලබා දුන් බවත් ඒ හරහා යුද්ධය නවත්වා ගත් බවත් ඇය පවසන්නීය.


මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණය ජයගත්තේ එසේ කොටි සංවිධානයට මුදල් ආධාර ලබාදීමෙන් බවද ඇය පැවසුවාය.


සමගි ජන බලවේගය වනිතා සමුළුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads