Type Here to Get Search Results !

දමිතා අත්අඩංගුවට ගනී.. ‘ලක් අම්මා දිනුම්.. සජිත් දිනනවා..’ ඇය විලාප දෙයි.. - VIDEO


 ජනප්‍රිය සිනමා රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුවයි.


පුද්ගලයකු විදේශගත කරන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාගෙන සිදුකළ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට සිදු කර ඇත.


අත්අඩංගුවට ගැනීමට පෙර ඇය මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළාය.


‘මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. මමත් අවුරුදු සමරනවා හිරගෙදර’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads