Type Here to Get Search Results !

නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි..

තමනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.


එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂ විනය කඩකර ඇති බවය.


නමුත් මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවය.


මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් මේ පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත්ය.


පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.


බන්දුල ගුණවර්ධන පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads