මෙසේ ස්ථාපිත කරනු ලබන මැතිවරණ මෙහෙයුම් කමිටුවල ක්‍රියාකාරීත්වය, කොට්ඨාශ භාර පොලිස් නිළධාරීන් සහ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අධීක්ෂණය කරනු ලබයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි භාරගනු ලබන්නේ මෙකී මැතිවරණ මෙහෙයුම් කමිටු මගිනි.
මේ අතර, මැතිවරණයට අදාල වෙනම පොලිස් ඒකකයක් මේ වන විටත් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙන බව පැවසේ. එම ඒකකය භාර පොලිස් ස්ථානාධිපතිවරයෙකු සිටින අතර, මෙම ඒකකය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් අධීක්ෂණය කරයි.
ජනාධිපතිවරණයට අදාල රාජකාරී ආවරණය කිරීම සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත් කර තිබේ.
මැතිවරණ කොමිසම සමඟ මැතිවරණයට අදාල කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා විසිනි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු සදහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත් කර තිබේ.
පොලිස්පතිවරයෙකු නොමැති වුවද, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු පොලිසියට නියෝග නිකුත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට හිමි වේ.