Type Here to Get Search Results !

සජිත්, අනුර කවුරු දින්නත් මං ඉන්නකං රනිල්ට දිනන්න දෙන්නෑ.. ලොකු පොහොට්ටුවෙක් තදින් අමතයි..


 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස්විමෙන් පසු ඊට එක් වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇත.


ඒ කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයේදීය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙ පැවති මෙම හමුවේදී පැමිණ සිටි පොහොට්ටු මන්ත්‍රී පිරිස තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටයි.


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසීමට ගිය එක් මන්ත්‍රීවරයෙකුට දුරකථනයෙන් ඇමතු පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පවසා ඇත්තේ මෙම ජනාධිපතිවරණයේදී සජිත්, අනුර කවුරු දිනුවත් තමන් ඉන්නාතුරු රනිල් වික්‍රමසිංහට දිනන්න ඉඩ නොදෙන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads