Type Here to Get Search Results !

මට වැරදුණා.. ඩිල්ෂාන් මාධ්‍ය හමුවක.. බැසිල්ගෙන් පණිවුඩයක්.. [ VIDEO ]


 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කිරීම සඳහා එක්වූ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පසුගියදා සමගි ජනබලවෙගයට සහය පලකිරීම සඳහා පසුගියදා එක්විය.


මෙම තීරණය සම්න්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු විසින් වැදගත් කරුණු රැසක් හෙළිකර ඇත.


තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක්වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට වූ බලපොරෝතුව හේතුවෙන් බව පෙන්වා දී ඇති තිලකරත්න ඩිල්ෂාන් මහතා ඔහු එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහා එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවද සඳහන් කරයි.


තමන් විසින් කිසිදු පක්ෂ භේදයකින් තොරව දකුණේ ජනාතාව වෙනුවෙන් දියත් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දකුණු පළාත් දේශපාලන නායකයින් බිය වී සිටි ආකාරය සහ ඊට අදාල කාරණාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් තමා දැනුවත් කළ ආකාරයද ඔහු මෙම සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.


< වීඩියෝව බලන්න මෙතන CLICK කරන්න >

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads