Type Here to Get Search Results !

SJB-NPP දෙරණේ සජීවී ලොකු වලියක.. මාලිමාවෙන් ‘පොල් බූරුවා’ යයි බැණ වදී..


 දෙරණ රූපවාහිනී නාදිකාවේ ඊයේ රාත්‍රී පැවති ‘වාද පිටිය’ වැඩසටහනේදී සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය නියෝජිතයන් අතර උණුසුම් විවාදයක් ඇති විය.


සමගි ජන බලවේගය වෙනුවෙන් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා ජාතික ජන බලවේගය වෙනුවෙන් පැමිණ සිටි මහින්ද ජයසිංහ මහතා අතර මෙම විවාදය ඇති වූයේ වසර විස්සක් තිස්සේ කිසිදු පාසලක උගන්වා නැතැයි මහින්ද ජයසිංහ මහතාට හේෂා විතානගේ මහතා විසින් චෝදනාවක් එල්ල කිරීමත් සමඟයි.


මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ තමන් කිසිදු නීති විරෝධී වැඩක් කර නැති බවත් මෙරට ව්‍යවස්ථාවෙන් වෘත්තිය සමිතියක් සඳහා ඇති අයිතිවාසිකම් පමණක් තමන් භුක්ති විඳ ඇති බවත්ය.


කෙසේ වෙතත් මෙම වාදය උත්සන්න වූ අවස්ථාවක මහින්ද ජයසිංහ මහතා විසින් පොල් බූරුවා යයි හේෂා විතානගේ මහතාට බැණ වැදුනේය.


--- වීඩියෝව බලන්න මෙතන CLICK කරන්න ---

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads