Type Here to Get Search Results !

සජබේ තලතාත් රනිල් ගාවට පනී.. මන්ත්‍රී කමත් එපා කියයි..


 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා. ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි. 2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණියය. ගාමිණි අතුකෝරලගේ අභවප්‍රාප්ත වු පසු ඇය දේශපාලනය පැමිණියා. ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තා.


ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වූ බවයි . 2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය වෙනස් විට යුතු බවට නිහඩ යෝජනාව සමගි ජනබලවේගය නිර්මාණය කරමින් අප කටයුතු කල නමුත් අනාගතය ගැන නොසිතා අප ගත් තීන්දු නිසා දැවැන්ත පක්ෂයක් දෙකට වීමට අවස්ථාව සැලසු බව ඇය කියා සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads