Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප‍්‍රකාශයක්..


 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුම් කටයුතු 19 දින අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.


ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම හෙට දිනයේ සිදුකරන කරන බවද හෙතෙම කියා පැවසීය.


ඒ සමගම මෙරට මං බංකොලොත්භාවය අවසන් වන තත්ත්වයකට පැමිණෙන බවද නමුත් බංකොලොත් භවයෙන් මිදීම නිසියාකාරයෙන් තහවුරු කිරීම සඳහා තවත් වසර දෙකක් හෝ තුනක් ගත වනු ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා තමන්ට ජනවරමක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.


ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය අවසන් බවට ඔවුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති ජනාධිපතිවරණ ජන හමුවක් අමතමින් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads