සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජනතාවගේ මූලික ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබා දීමෙන් පසු මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒ අනුව රට තනි පක්ෂ පාලනයක් කරා යනවා නොව, එවැනි තත්ත්වයකට යැවෙනු ඇති බවයි.
එමෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තනි පක්ෂ පාලනයකට මග පෑදෙන බවට එල්ල වන චෝදනා අසත්‍ය බවද ඔහු පැවසීය.
ලෝකයේ ඇතැම් රටවල පවතින පාලන ක්‍රම උදාහරණයට ගනිමින් ඔහු සඳහන් කළේ, ඇතැම් අවස්ථාවල එකම කණ්ඩායමක් දිගින් දිගටම බලයේ රැඳී සිටින බවත්, වෙනත් පාර්ශව මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පවා උත්සාහ නොකරන බවත්ය.
🗣️ “මිනිස්සුන්ගේ ප්‍රශ්න හරියට විසඳුවාම තවත් පක්ෂ මොකටද? මේක ලියලා තියාගන්න.” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
📌 මෙම ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.


