Type Here to Get Search Results !

ටී. බී. සරත් දැරියක් ස්පර්ශ කිරීම ගැන දැඩි විරෝධයක්… දරුවන්ගේ කැමැත්තට මුල්තැන දෙන්න – ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

උත්සව අවස්ථාවකදී දේශපාලනඥයෙකු සාම්ප්‍රදායික නර්තන ඇඳුමකින් සැරසී සිටි කුඩා දැරියකගේ ශරීරයට අත තබා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ‘Stop Child Cruelty Trust’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙන්නේ, දරුවන් සමඟ සිදුකරන ශාරීරික ස්පර්ශයන්හිදී ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලික සීමාවන්ට ගරු කිරීම වැදගත් බවයි.

සාම්ප්‍රදායිකව භාවිත වන “හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය” යන වර්ගීකරණයෙන් ඔබ්බට ගොස්, යම් ස්පර්ශයකට අකමැති වීමට හෝ “එපා” යැයි පැවසීමට දරුවාට ඇති අයිතිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද ඇය සඳහන් කරයි.

දරුවෙකුගේ අනුමැතියකින් තොරව සිදුවන ස්පර්ශයන් සම්බන්ධයෙන් වැඩිහිටියන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්, දරුවන්ගේ පෞද්ගලික සීමාවන්ට ගරු කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැනුවත්භාවය වැඩි කළ යුතු බවත් ඇය පෙන්වා දෙයි.

මේ අතර, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අත්සන් 40,000ක පෙත්සමක් පාර්ලිමේන්තුවට භාරදුන් අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුඩා දරුවෙකුගේ උරහිස මත අත තැබීමට පෙර ඔහුගෙන් ඒ සඳහා අවසර ඉල්ලා සිටි බවද වෛද්‍ය වික්‍රමනායක මහත්මිය සිය සටහනේ සඳහන් කර තිබේ.

දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ශාරීරික සීමාවන්ට ගරු කිරීම පිළිබඳව වැඩිහිටියන් මෙන්ම දේශපාලනඥයන් ද දැනුවත් විය යුතු බවත්, වයසට ගැළපෙන ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads