Type Here to Get Search Results !

22 තීන්දුව ලැබුණු සැණින් පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති අනුර


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අධිකරණ තීන්දුව දින 21ක් ඇතුළත ලැබීමට නියමිත බවත්, තීන්දුව ලැබුණු පසු කිසිදු ප්‍රමාදයකින් තොරව සංශෝධනය සම්මත කිරීමට කටයුතු කරන බවත්ය.

දූෂිතයන්ට දඬුවම් ලබාදීම සහ පවතින “කළු නීති” පද්ධතිය බිඳ දැමීම සඳහා 22 වන සංශෝධනය අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසීය.

තම ආණ්ඩුව ගන්නා තීරණ ජනතාව වෙනුවෙන් කිරා මැන බලා ගන්නා බැවින් ඒවා ආපසු හැරවීමට සූදානම් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය පාලන සමයන්හිදී සිදුව ඇති බව කියන අපරාධ හා දූෂණවල පරිමාණය ඉතා විශාල බවත්, ඒවා එකින් එක හෙළිවන විට තමන් පවා පුදුමයට පත්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන විට එක්කෙනෙක්වත් ඉතිරි නොවන තරම් තත්ත්වයක් තියෙන්නේ” යනුවෙන්ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads