Type Here to Get Search Results !

ආර්ථික අර්බුදය ඉවරයිද? ෂැෂේ පැකට්වලින් රටේ ආර්ථික තත්ත්වය මනින හැටි ගැන හඳුන්නෙත්ති කියයි!


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආර්ථික අර්බුදය අවසන් වී ඇති බවට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවද එක්තරා ආකාරයක නිර්ණායකයක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව අතරට වැඩි වැඩියෙන් මුදල් මුදාහැර, ඔවුන් ආයෝජන මාර්ග වෙත යොමු කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා පසුගියදා පෞද්ගලික කර්මාන්ත ආයතනයකට ගිය අවස්ථාවේදී එහි නිෂ්පාදන විවිධාංගීකරණය තුළින් ආර්ථික සංවර්ධනය පිළිබඳ කදිම නිර්ණායකයක් දැකගත හැකි වූ බවද ඔහු පැවසීය.

ආර්ථික අර්බුදය පැවති සමයේ ජනතාව එම ආයතනයේ සබන්, ෂැම්පු සහ දත් බෙහෙත් වැනි නිෂ්පාදන කුඩා ෂැෂේ පැකට් ලෙස මිලදී ගත් බවත්, මේ වනවිට නැවත විශාල ප්‍රමාණයේ නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව පෙළඹී ඇති බවත් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික තත්ත්වය නැවත දුර්වල වී ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගියහොත්, එම නිෂ්පාදන සඳහා නැවතත් ෂැෂේ පැකට්වලට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads