Type Here to Get Search Results !

හිල්ටන් රථගාලේ හිමිකරුවෙකු නැති සුපිරි රියක්.. ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්..


 කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ.


ඒ ලියාපදිංචි නොකල සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.


අදාල රථය එංගලන්තයට යවන බව පවසමින් මෙරටට ගෙන්වා ඇති නමුත් එය මෙරට ලියාපදිංචි නොකර ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කරමින් මාර්ගයේ ගමන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.


අදාළ මෝටර් රථය මෙරටට ගෙන්නුවේ කවුද, කවදාද, භාවිතා කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරයි.


හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස මෙම රථය නවතා තිබෙන බවට ලද තොරතුරක් අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads