Type Here to Get Search Results !

ශ්‍රී ලංකාවට කරදරයක් නම් බේරාගන්න රනිල් සූදානම්..


 පලපුරුද්දක් නැති අයට රට භාරදී දීමට ජනතාව ගත් තීන්දුව මත ඔවුන් බරපතල ඛේදවාචකයනට මේ වන විට පත් වී ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.


රජයට මුහුණ දී ගැනීමට නොහැකිව සිටින සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නයද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දී නොපැවති බවත් ඔහු පැවසුවේය.


එකල සහල් ගැටලුවක් ද මතු නොවූ බවත් නොමිලේ සහල් කිලෝ විස්ස ගණනින් ටොන් ගණනක් බෙදා දී ඇති බවද ඔහු පවසයි.


ශ්‍රී ලංකාවට අනතුරක් නම් බලය ඇතත් බලය නැතත්, තනතුරු ඇතත් තනතුරු නැතත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණීමට සූදානම් බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads