Type Here to Get Search Results !

මන්ත‍්‍රීවරයෙකුගේ කසිප්පු පෙරිල්ලක් මාට්ටුයි..


 මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 12 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ කැලණිමුල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක වැටලීමක් සිදු කර නීති විරෝධී මත්පැන් ලීටර් 180 ක් (බෝතල් 240), නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 2225 ක් (බැරල් 10) හා පෙරීමේ උපකරණ සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 42 හා 43 වයස්වල පසුවන අංගොඩ හා තිස්සමහාරාමය ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.


මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු විසින් මෙය මෙහෙයවා ඇතැයි සැකකරුවන් සදහන් කර ඇත.


මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads