Type Here to Get Search Results !

රිළව් එළවන්න වගාබිම් වටා කොටි මුත්‍රා ඉසීමට අවධානය..


 සාලිය කුමාර ගුණසේකර


රිළවුන්, වඳුරන් වගා බිම්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා දිවියන්ගේ මූත්‍රා වගා බිම් වටා ඉසීම සම්බන්ධව කෘෂිකර්ම අංශවල අවධානය යොමුවී ඇත.


දිවියන්ගේ මූත්‍රා රිළවුන් සහ වඳුරන් වගාබිම්වලට පැමිණීම වළක්වා ගැනීමට විකර්ෂකයක් ලෙස යොදා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.


එම ගඳට රිළවුන් සහ වඳුරන් වගා බිම්වලට නොපැමිණෙන බවත්, දිවියා ආදී විලෝපික සතුන්ගේ ගහනය අඩුවීම රිළවා වඳුරා ආදී සතුන්ගේ ගහනය වැඩිවීමට බලපා තිබෙන බවත් ඔහු කීවේය.


මෙම තත්ත්වය නිසා දිවියන්ගේ මූත්‍රාවලට සමාන රසායනිකයක් කෘත්‍රිමව නිපදවා සති දෙකකට වරක් වගා බිම්වල තැන තැන ඉසීමෙන් රිළවුන්, වඳුරන් පැමිණීම අවම කරගත හැකි බවත්, මෙවැනි කෘත්‍රිම රසායනික වර්ග ලෝකයේ රටවල් රැසක භාවිත කෙරෙන බවත් එම නිලධාරියා පැවැසීය. එමෙන්ම, කැලෑ ප්‍රදේශ ආසන්නව ගම්මානවලට රිළවුන් පැමිණීම වැළැක්වීම සඳහා කැලෑව සහ ගම්මානය අතර මායිම් කොටසට සුනඛයන් යෙදවීම සම්බන්ධවද කෘෂිකර්ම අංශවල අවධානය යොමුවී තිබේ.


– Aruna

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads