Type Here to Get Search Results !

සෙව්වන්දි මාලදිවයිනට පලා යයි..


 අළුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ මහමොලකාරිය යයි පැවසෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බවට වාර්තා පළවෙයි.


මුහුදු මාර්ග ඔස්සේ ඇය මාලදිවයින වෙත රැගෙන ගොස් ඇත්තේ විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු විසින් බවද සඳහන්ය.


ගනේමුල්ලේ සංජීව ඝාතනයට පත් වූ දා සිටම ඇය සොයා පොලිස් කණ්ඩායම් රැසක් රට පුරා මෙහෙයුම් සිදු කරමින් සිටී.


ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමඟ මෙරට ආරක්ෂා අංශ විසින් මේ වන විටත් හුවමාරු කරගෙන ඇත්තේ ඇය ඉන්දියාවට පලා ගොස් සිටියහොත් අත්අඩංගුවට ගැනීම පහසුවීම සඳහායි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads