Type Here to Get Search Results !

පොරොන්දු ඉටු වී නෑ.. අනුරට එරෙහිව පාරට බහින බව අගරදගුරු කියයි..


 පාස්කු ප්‍රහාරයේ හයවෙනි වසරට කලින් එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිගරුක හා සාධාරණ පරීක්‍ෂණ සිදුවන බවට සංඥාවක් නොලැබුණහොත් පාරට බහින්න සිදුවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරයි.


කොළඹ අගරදගුරු මැදුරේදී පැවති සමුළුවක් අමතමින් අගරදගුරු තුමන් මෙසේ සඳහන් කළහ.


“පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පාලනය කළ අය පොරොන්දු දුන්නා. පොරොන්දු දීලා එක පොරොන්දුවක් වත් ඉශ්ට කළේ නෑ. අපි මේ රජය බලයට පත් කරන්නට කටයුතු කළේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් අපිට ආපහු සැරයක් හිතන්න වෙනවා.


පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේදී ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ට කරන්න, කටයුතු කරන්න හැකි ඉක්මනින්.


ඒ නිසා 6 වැනි සංවත්සරයට කළින් අපිට මේ පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැත්නම් ඉතිං අපිට සිදුවෙනවා නැවත වරක් පාරට බහින්න”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads