Type Here to Get Search Results !

මැතිවරණයට රාජ්‍ය දේපල අවභාවිතයේ.. කිරි හරකුනුත් බෙදයි..

පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා වන කාලය තුළ රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ සිදුවීම් විස්සක් වාර්තා වන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි


රජයේ වාහන භාවිතා කිරීම්, රාජ්‍ය සේවකයන් ස්ථාන මාරු කිරීම්, රාජ්‍ය සේවකයන් උසස් කිරීම් සිදුවීම් වාර්තා වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.


මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.


රජයේ සහනාධාර ව්‍යාපෘතිය යටතේ මහවිලච්චිය ප්‍රදේශයේ කිරි ගවයන් බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads