Type Here to Get Search Results !

මේ රට කනවා.. මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි..- අස්ගිරි නාහිමි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කරති.


අස්ගිරි පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බවය.


පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ මේ බව පැවසූහ.


අස්ගිරි පාර්ශවයේ මහානාහිමි සඳහන් කළේ මෙවැනි බරපතළ සංශෝධන සිදු කිරීමේදී මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.


'මේ හදන්නේ නිරාගමික රටක් හදන්යි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොද නෑ. අපි දැක්කෙත් නෑ. අපි දන්නෙත් නෑ"යැයි උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.


අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයට වැඩම කර මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළහ.


එහිදී මල්වතු මහානායක හිමියන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහනායක හිමිවරු දැනුවත් කළ යුතු බවය.


මෙය පිලිබදව මහනාමිවරු සිව් දෙනාගේම අත්සන් ලිපියක් නිකුත් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය නියෝජනය කරමින් තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් එක්ව සිටියහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads