Type Here to Get Search Results !

පීඩන අවපාතයෙන් 200mm ඉක්මවූ තද වැසි.. කාලගුණයෙන් රතු නිවේදන...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ශ්‍රී ලංකාවට ආසන්නව පවතින පීඩන අවපාතයක් හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි බලපෑමෙන් දිවයිනේ නිරිතදිග කොටසට සහ උතුරු පළාත්වලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

අද (13) උදෑසන නිකුත් කරන ලද නිවේදනවලට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මීට අමතරව, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. පසුගිය පැය 24 තුළ උපරිම වර්ෂාපතනය කොළඹ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 204 කි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල, කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පවුල් 465 කට අයත් පුද්ගලයින් 1,337 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 18 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 13 ක් තුළ පුද්ගලයින් 1,003 දෙනෙකු රැඳී සිටිති.

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රාජාංගනය, අඹේවෙල, වෙහෙරගල සහ දැදුරුඔය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වන විටත් විවෘත කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ‘117’ හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads