Type Here to Get Search Results !

තවත් යූ ටියුබයෙක් පාවා දී රාජාංගනේ හිමි පොලිසියෙන් ගැලවේ.. පොලිසිය ඔහු පසුපස...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ සිදු කරමින් ඉහළ පෙළේ රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාව මත රාජාංගණේ සද්ධාරතන හිමියන්ව ඊයේ (08දා) පොලිස් භාරයට ගෙන තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන්ට අපහාස වන අන්දමින් මඩ ප්‍රචාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් රාජාංගණය ප්‍රදේශයට ගොස් උන්වහන්සේ වැඩ වසන විහාරස්ථානයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් හිමියන්ව කොළඹ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත රැගෙන ඒමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත.

අදාළ අසභ්‍ය සහ අපහාසාත්මක තොරතුරු සද්ධාරතන හිමියන් වෙත ලබා දී ඇත්තේ වෙනත් යූ ටියුබ් නාලිකාවක් මෙහෙයවන පුද්ගලයකු විසිනි.

අදාළ යූ ටියුබ්කරු හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද මේ වන විට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සද්දරතන හිමියන් ඇප මත මුදා හැර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads