සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රට ඉදිරියට ගෙනයාම සඳහා විපක්ෂයේ සිටින තවත් දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගැනීමට සූදානම් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා. ඒ නිසානෙ අපි අවුරුද්දක් ඇතුළත රටේ ආදායම දෙගුණයක් කළා බදු ගහන්නෙ නැතිව. ඒ වගේම අපි අපේ රටේ අයවැය හිඟය 50%කින් අඩුකළා. මේ රටේ රාජ්‍ය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීමක් දෙන්න භාණ්ඩාගාරයට අවශ්‍ය සල්ලි ඉතුරු කළා. දිත්වා සුළි කුණාටුවෙන් වෙච්ච හානිය පියවන්න කෝටි 77000ක් වෙන්කරන්න පුළුවන් වුණේ ඇයි ? ඒ ඔළුව තියෙන, බුද්ධිය තියෙන කණ්ඩායම් මේක මෙහෙයවපු නිසා. පොහොර සහනාධාරය දෙගුණ කළා, මහපොළ ශිෂ්‍යාධාරය දෙගුණ කළා. මේ ඔළුව තියෙන මිනිස්සු කරලා තියෙන වැඩ. ඉතින් ඒ නිසා, තවත් වැඩ ඉස්සරහට තියෙනවා. දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම්, රට ඉස්සරහට යන්න අපි දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට අපි එකතු කරගන්නවා”
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.


