සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීමට සිදුවූයේ ලෝකයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නාවික ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ගෝලීය අර්බුද හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම වැළැක්වීම අසීරු වුවද, රජය අදාළ ආනයන සමාගම් සමඟ කළ සාකච්ඡා හේතුවෙන් පිටි මිල මීට වඩා ඉහළ යාම යම් මට්ටමකට පාලනය කිරීමට හැකි වූ බවයි.
ඒ අනුව, ජනතාවට තරඟකාරී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා සතොස, කෝප් සිටි සහ ජාතික සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
📌 ඔබේ අදහස කුමක්ද? පිටි මිල වැඩිවීම සාධාරණද?


