Type Here to Get Search Results !

මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

Update :- 01.07 AM

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට යම් දුරකට පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදවා ඇති බව වාර්තා වේ.

මේ අතර, බන්ධනාගාරය ඉදිරිපිට ජනතාව පිරිසක් ද රැස්ව සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

-------------------------------------

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.

මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය තුළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads