Type Here to Get Search Results !

හිටපු රේගු ලොක්කාට ජනපති ලගම ලොකු තනතුරක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පත් කර තිබේ.

මෙම පත්කිරීම 10 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.

රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන ත්‍රිත්වය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නව්‍යකරණ වැඩපිළිවෙළ මෙහෙයවීම මෙම කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතය.

නව තනතුරට පත් වූ සීවලී අරුක්ගොඩ මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වසර 37කට අධික කාලයක් විවිධ තනතුරු හෙබවූ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ම එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads