Type Here to Get Search Results !

අපි දැන් ඉහළ මැදි ආදායම් ලබන රටක්.. ඇමරිකාව පැනවූ බදු අපටත් අවදානම්.. - ඇමති අනිල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉහළ මැදි ආදායම් ලබන රටක් තත්ත්වයට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇතැයි කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පැවති විවාදයට එක් වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.

‘ලෝකයේ වෙනත් පාර්ශවයන් ගන්නා විවිධාකාර තීන්දු නිසා අපේ අපනයන වෙළෙඳපළටත් බලපෑම් එල්ල වෙනවා. ඒ එක් අවස්ථාවක් තමයි ඇමරිකාව තීරු බදු පැනවීම. ඒක අපිට පිටින් පැවති කාරණයක්. සියයට හතළිස් හතක ඒ බද්ද අඩු කර ගැනිමට අපි නිසි ලෙස කටයුතු කළා. එය සියයට තිහ හා විස්ස දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

ඒ වගේම අද කථා කරන්නෙ බලහත්කාරී ශ්‍රමය භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනය හා අපනයනය කිරීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව මැදිහත් වීමක් කළා. ඒ අනුව රටවල් හැට හතරකට අදාළව භාණ්ඩ නිෂ්පාදනය ඇතුළෙ බලහත්කාරී ශ්‍රමය ඇති කියන අවදානම මත සියයට දොළහයි දශම පහකුත්, සියයට දහයකුත් වශයෙන් බදු යොජනා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙනුත් ඔවුන් රැස් කළ කරුණු මත යම් අවදානමක් තියෙන්න පුලුවන් මේ බලහත්කාරී ශ්‍රමයට අදාළව. මොකද අපි නිෂ්පාදනක්‍රියාවලියට අමුද්‍රව්‍ය ආනයනය කරනවා.

දැන් අතීතයෙදි වගේ නෙමෙයි ලෝක සැපයුම් දාමයක් තියෙන්නේ. වේගයෙන්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත කමිටුවක් පත් කර මේ දක්වා ගෙන තිබෙන තීරණ සාකච්ඡා කළා. ඒ අනුව රටතුළ භාණ්ඩ නිෂ්පාදනයේදි බලහත්කාරී ශ්‍රමය හෝ ළමා ශ්‍රමය කිසිදු ආකාරයකින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගෙන නැහැ.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමේදී බලහත්කාරී ශ්‍රමයට සම්බන්ධ නම් ඒවා ආනයනය තහනම් කිරිමට පියවර ගත්තා. ඒ නිසා විශේෂ වාසියක් අපේ අපනයනකවරුන්ට ලැබුණා. අපි අවාසිදායක තත්ත්වයක නැහැ. අපනයන වෙළෙදාමට අපට ගැටලුවක් පැන නැගිලා නැහැ.

ඒ සමගම මේ පවතින තත්ත්වය මත ජීඑස්පී ප්ලස් අයදුම්පත නැවත ඉදිරිපත් කිරිමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ ආර්ථිකය දැන් වර්ධනය වෙමින් පවතිනවා. නිෂ්පාදන ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස අපි දැන් නම් වෙලාතියෙනවා. මේආර්ථික වෘද්ධියෙ දි උද්ධමනය පාලනය කරගැනීම වැදගත් වෙනවා. මැද පෙරදිග යුද්ධයක් පැවතිය ද මෙම වසර ඇතුළත උද්ධමනය ක්‍රමයෙන් පාලනය කර ගැනිමට අපිට හැකි වෙලා තියෙනවා’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads