Type Here to Get Search Results !

බන්ධනාගාර ගැටුම් සැලැස්මකට සිදුවෙන බව පේනවා.. ගැටුම් පසුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුමකට අනුව සිදුවන කුමන්ත්‍රණකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සැකයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මීගමුව, මහර, මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාරවලින් මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

මෙම සිදුවීම්වල ආසන්නතම හේතුව ලෙස මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය ගෙන ඇති පියවර හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

"ඊයේ රාත්‍රී 10.15 ට පමණ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40ක පමණ පිරිසක් වාට්ටුවක දොරක් කඩාගෙන එළියට පැමිණ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය එක්ව එය පාලනය කළා. එහිදී එක් රැඳවියෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා."

මේ වන විට පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 30ක පමණ පිරිසක් වහළ මත නැග විරෝධතාවක නිරත වන බවත්, පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව එම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අනෙකුත් සියලුම බන්ධනාගාරවල තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ඔහු සහතික කළේය.

මෙම සිදුවීම් මාලාව පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ද ජීවිත ආරක්ෂා කරමින් බන්ධනාගාර තුළ විනය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads