Type Here to Get Search Results !

මගේ ඔෆිස් එක ටෙනිස් පිට්නියක් විතර ඇති.. ඒවගෙ ඒව හදන එක තහනං කරන්න ඕනේ..- බිමල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සඳහා අනවශ්‍ය ලෙස විශාල සහ සුඛෝපභෝගී කාර්යාල කාමර ඉදිකිරීම වහාම තහනම් කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ පවතින සාම්ප්‍රදායික, බිත්තිවලින් වටවූ, අඳුරු සහ "හිරගෙවල් වැනි" කාර්යාල ක්‍රමයෙන් බැහැර වී නවීන කාර්යාල අවකාශ කළමනාකරණ (Modern Office Space Management) ක්‍රමවේදයන්ට මෙරට රාජ්‍ය අංශය හුරු විය යුතු බවයි.

"මගේ මහාමාර්ග අමාත්‍යංශයේ මම ඉන්න කාර්යාලය ගත්තොත් ඒක ටෙනිස් පිටියක් විතර ලොකුයි. ඇත්තටම මෙවැනි විශාල කාර්යාල හැදීම තහනම් කළ යුතුයි. කාර්යාලයක් කියන්නේ තමන්ගේ තනතුර හෝ 'ඊගෝ' එක පෙන්වන තැනක් නෙවෙයි. අපිට සුදුසුකම් තියෙනවා නම් වැඩ කරන්න කුඩා කාර්යාලයක් වුණත් ප්‍රමාණවත්. කාර්යාලයේ විශාලත්වයෙන් පෞරුෂය හදාගන්න අපිට අවශ්‍ය නැහැ."

සමහර කාර්යාලවල පවතින එක් පුටුවක මිල සාමාන්‍ය මිනිසෙකුට නිවසක් සෑදීමට යන වියදමට සමාන බවත්, එවැනි මානසිකත්වයකින් බැහැර විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි 'වර්ක් ස්ටේෂන්' (Workstation) ආකෘතියට මාරු විය යුතු බවත්, එමගින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිය හැකි බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads