Type Here to Get Search Results !

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා.. ලංකාවට ගේන්න අමාරුයි..- ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

සිරස රූපවාහිනියේ 'දවස' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.Read Community News

අර්ජුන් මහේන්ද්‍රන්මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මගින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.

විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බව ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජය යටතේ මේ වන විට පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇත.

තවත් රතු වරෙන්තුකරුවන් 97 දෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉන් 39 දෙනෙකු රැඳී සිටින රටවල් සහ ස්ථාන මේ වන විටත් හඳුනාගෙන තිබේ.

ලබන සතියේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිරස රූපවාහිනිය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads