Type Here to Get Search Results !

“අපි පළිගන්නේ නෑ.. හොරු අල්ලනවා! ආණ්ඩුවේ 160ටම කිසි චෝදනාවක් නෑ.. ජයකොඩි ඇමතිතුමා අයින් උනෙත් ඒකයි” - මහින්ද ජයසිංහ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආණ්ඩුව දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන්නේ පළිගැනීමේ චේතනාවෙන් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, දූෂිතයන්ට සහ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතකට ගෙන ඒමට ජනතාව තම ආණ්ඩුවට ජනවරම ලබාදී ඇති බවයි.

⚖️ “අපේ ආණ්ඩුව යටතේ නීතිය සැමට සමානයි” යන ස්ථාවරය අවධාරණය කරමින් මහින්ද ජයසිංහ මහතා, ගල් අඟුරු කොමිසම පත් කළ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.

👉 කුමාර ජයකොඩි මහතා නිවැරදි බව සියයට සියයක් විශ්වාස කළද, නීතියට ඉඩ ලබාදෙමින් ඔහු ඉවත් වූ බව මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 160 දෙනාටම කිසිදු චෝදනාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

🗣️ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ ස්වාධීන රූපවාහිනියේ ‘කරළිය’ වැඩසටහනට එක්වෙමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads