සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් ලබාදීමට සූදානම් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මහර බන්ධනාගාර පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු සඳහා බලපාන රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය අවම කිරීමට පියවර ගෙන ඇති බවයි.
📌 ඔහු පවසන පරිදි, පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර තුළ ඇතිවිය හැකි හදිසි තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විට බන්ධනාගාර 15ක ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවද, සියලු බන්ධනාගාර සඳහා ස්කෑන් යන්ත්‍ර ලබාදීමට ඉදිරි අයවැයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
🗣️ “බන්ධනාගාරයෙන් නිදහස් වී නැවත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරන්න එපා. සමාජයට යහපත් පුද්ගලයෙක් වන්න උත්සාහ කරන්න. මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන්ට නම් කිසිම සමාවක් දෙන්න සූදානම් නැහැ.” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


