සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වසර 70කට අධික කාලයක් තිස්සේ විනාශයට පත් වූ රටක් යළි ගොඩනැගීම දීර්ඝ හා අභියෝගාත්මක ක්‍රියාවලියක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
බේරුවල පැවැති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ එහි පීඩනය ශ්‍රී ලංකාවේ ජනතාවට දැනෙන්නට ඉඩ නොදී රජය කටයුතු කර ඇති බවයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් නාවික ගාස්තු, රක්ෂණ වියදම් සහ ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එවැනි තත්ත්වයක් තිබියදීත් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ නොදී පාලනය කර ඇති බවත්, ඉන්ධන හා ගෑස් මිල ක්‍රමයෙන් අඩු කරමින් ජනතාවට සහන ලබාදෙන බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් චෝදනා කළේ වෙනත් ආණ්ඩුවක් පැවතියේ නම් මෙම යුද තත්ත්වය හමුවේ ඉන්ධන හා ගෑස් හිඟයක් ඇති කරමින් මිල ඉහළ දැමීමට ඉඩ තිබූ බවයි.
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හමුවේද රජය කාර්යක්ෂමව මැදිහත් වී ජනතාවට අවශ්‍ය සහන ලබාදුන් බව ඔහු සඳහන් කළේය.
ලෝකයේ පවතින යුද්ධයක බලපෑම පවා ජනතාවට දැඩි ලෙස දැනෙන්නට ඉඩ නොදී රට පාලනය කිරීමට හැකිවීම වත්මන් රජයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.


