සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පැලවත්ත තම පක්ෂයේ මූලස්ථානය බවත්, ජනතාව ලබාදුන් බලය පක්ෂයේ පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම යටතේ මෙහෙයවන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පාර්ශ්ව පැලවත්ත මූලික කරගනිමින් රජයේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළද, කුමන ස්ථානයක සිට ක්‍රියාත්මක වුවද අවසානයේ සිදුවන්නේ නිවැරදි දේ බවයි.
පක්ෂයක් ලෙස ජනතාවගෙන් බලය ඉල්ලා ලබාගත් බැවින්, එම බලය නිසි ලෙස මෙහෙයවීම සඳහා පක්ෂයෙන් ලැබෙන දායකත්වය විශාල ශක්තියක් බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා තමන්ට කිසිසේත්ම විශේෂ පුද්ගලයෙකු නොවන බවද චතුරංග අබේසිංහ මහතා අවධාරණය කළේය.
රජයේ ඉදිරි කටයුතු පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය මත පදනම්ව මෙහෙයවන බවත්, එය පක්ෂයේ ශක්තිය පෙන්වන සාධකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


