සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී සිටින පිරිස අතිවිශාල බවත්, එම පිරිස ආණ්ඩුවේ ඉල්ලීමක් මත නොව ස්වේච්ඡාවෙන් එම කටයුතු සිදුකරන බවත්ය.
“කුලියට ලියන අය නෙමෙයි, කුලියට මඩ ගහන අය නෙමෙයි, කුලියට කමෙන්ට් දාන අය නෙමෙයි. ස්වේච්ඡාවෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී ඉන්න විශාල පිරිසක් ඉන්නවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
එවැනි ස්වේච්ඡා කණ්ඩායම් “ස්වයංක්‍රීයව” ගොඩනැගෙන බවත්, එම ජනතා බලවේග ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාර ආරක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් ඇතුළු ආණ්ඩුවට එම ස්වේච්ඡා ක්‍රියාකාරීත්වය නතර කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පැවසීය.


