Type Here to Get Search Results !

“කොළඹ එන්න කිව්වා.. අපි ආවා! ඇමතිතුමා ලෙඩ වෙලා” - සෙවණගල උක් ගොවීන්ගෙන් දැඩි විරෝධයක්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සෙවණගල සීනි කර්මාන්තශාලාවේ සේවක වර්ජනය සහ උක් ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවා තිබූ විශේෂ හමුවට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් උක් ගොවි සංවිධාන නියෝජිතයෝ දැඩි අසතුට පළ කළහ.

අමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරිය සාකච්ඡාවට සහභාගී වී තිබේ.

එහිදී සේවක වැටුප් ගැටලුව සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති වුවද, ගොවීන්ගේ ප්‍රධාන ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බව ගොවි නියෝජිතයෝ පවසති.

🌱 “මාස 12න් කපන්න ඕන උක් ගස් අද මාස 36ක් වෙලා…”

ගොවි නියෝජිත ප්‍රියන්ත මහතා පවසන්නේ වගාවට අවශ්‍ය ඉන්ධන, පොහොර සහ වල්නාශක හිඟවීම හේතුවෙන් උක් ගොවීන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

👉 උක් ටොන් 4,000ක් පමණ අව්වට වේලෙමින් පවතින බවත්, ටොන් එකක් කපා ගැනීමට රුපියල් 4,500ක් පමණ වැය වන නමුත් ගොවියාට ලැබෙන්නේ රුපියල් 10,000කටත් අඩු මුදලක් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් 2027 ජනවාරි වන විට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යාංශ ලේකම්වරිය පොරොන්දුවක් ලබාදී ඇති බව සේවක නියෝජිතයෝ පවසති.

කෙසේ වෙතත්, වර්ජනය අවසන් කරන්නේද යන්න පිළිබඳව සෙසු සේවකයන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවද ඔවුහු සඳහන් කළහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads