සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැති ‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව අවසන් වී තිබේ.
මෙවර ප්‍රදර්ශනය සඳහා පෙර වසරට සාපේක්ෂව විශාල සහභාගීත්වයක් දක්නට ලැබුණු බවත්, එය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බවත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
🌍 ශ්‍රී ලංකාව සතු මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ විභවය යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මැණික් පතල් කැනීමේ සිට අගය එකතු කිරීම, නිෂ්පාදනය සහ අපනයනය දක්වා සමස්ත වටිනාකම් දාමය ශක්තිමත් කරමින් රත්නපුරය ජාත්‍යන්තර මැණික් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
💎 ගෝලීය විශ්වාසය ඉහළ නැංවීම, ආනයන හා අපනයන ක්‍රියාවලීන් සරල කිරීම, අවශ්‍ය නීති හා පහසුකම් සැපයීම, නව පරපුරේ කුසලතා සංවර්ධනය සහ පර්යේෂණ හා දැනුම ව්‍යාප්ත කිරීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
🌏 මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකාව, චීනය, ජපානය සහ පෝලන්තය ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහභාගී වී තිබේ.
එමෙන්ම දේශීය මැණික් හා ස්වර්ණාභරණ ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාම සඳහාද මෙම ප්‍රදර්ශනය වැදගත් වේදිකාවක් වී ඇත.


