සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
තරුණ තරුණියන්ගේ එදිනෙදා අවශ්යතා පහසුවෙන් ඉටුකර ගැනීමේ අරමුණින් නව ‘සුපර් ඇප්’ එකක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පවසනවා.
රත්නපුරයේ පැවති දිස්ත්රික් තරුණ සමුළුවක් අමතමින් ඔහු සඳහන් කළේ, මෙම යෙදවුම හරහා මරණ සහතිකය හැර තරුණ තරුණියන්ට අවශ්ය අනෙකුත් රාජ්ය හා මහජන සේවාවන් රැසක් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කරන බවයි.
රාජ්ය සේවාවන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතාව වෙත සමීප කිරීමෙන් තරුණ පරපුරේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, විපක්ෂයේ විවේචන නොතකා රට සහ ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු සඳහන් කළා.


