සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව විසින් පවත්වාගෙන යන ගොවි සංවිධානයක පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතු කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්යයට නිකුත් වී තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන අයකු වුවද, ගොවි සමිතියේ සභාපති ධුරයට පත්වූයේ ගම්වාසී ගොවි ජනතාවගේ එකඟතාව මත බව ඔහු සංවාදයේදී පවසයි.
ගොවි සංවිධානයේ කටයුතුවලට දේශපාලනමය වශයෙන් මැදිහත් වීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා නඟමින්, පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
ඊට ප්රතිචාර දක්වමින් ටී.බී. සරත් මහතා පවසා ඇත්තේ, ගොවීන් විසින් සභාපතිවරයා පත් කර ඇත්නම් එම ධුරයේ කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවයි.
එමෙන්ම, ගොවි සමිතිය අකර්මණ්ය කිරීමේ වුවමනාවක් තමන්ට නොමැති බවත්, යම් නිලධාරියකු වරදක් කර ඇත්නම් සාක්ෂි සහිතව අදාළ ආයතන වෙත පැමිණිලි කර නීත්යනුකූල පියවර ගන්නා ලෙසත් ඔහු උපදෙස් දී තිබේ.
රජයේ ව්යාපෘති සහ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී අදාළ රජයේ ප්රතිපත්ති හා විෂයභාර අමාත්යවරුන්ගේ මැදිහත්වීම සාමාන්ය ක්රමවේදයක් බව ද නියෝජ්ය අමාත්යවරයා එහිදී පෙන්වා දී ඇත.


