Type Here to Get Search Results !

ලෝකේ යුද්ධ තිබුණත් ලංකාවට ඒක ලොකුවට දැනෙන්නේ නෑ.. ආණ්ඩුවේ කළමනාකරණය නිසයි! - ලාල් කාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලෝකයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සහ පොහොර මිල ගණන් ඉහළ ගියද, වත්මන් රජයේ මැදිහත්වීම හේතුවෙන් එහි බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි ලෙස නොදැනෙන මට්ටමින් පාලනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී මෙරට ජනතාවට සාපේක්ෂව අඩු මිලකට ඉන්ධන ලබාදීමටත්, පොහොර අර්බුදයට සහනාධාර හරහා මුහුණදීමටත් රජයට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබාදුන් රුපියල් 15,000ක සහනාධාරය මේ වන විට රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම, අතිරේක බෝග වගා කරන ගොවීන්ටද එළඹෙන මහ කන්නයේ සිට වී වගාවට ලබාදෙන ආකාරයෙන්ම හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගවල අරමුණ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නඟාසිටුවීම සහ ගොවි ජනතාව සවිබල ගැන්වීම බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads