මෙය තායිලන්තයේ නිෂ්පාදනයක් වන අතර මෙය Organic Coconut Drink (කාබනික පොල් වතුර) නිෂ්පාදනයක් වේ. ඇත්තටම මෙය නිර්මාණශීලි අදහස් වලින් භාණ්ඩයක් අලෙවිකරන්න ගන්න උත්සාහයකට වඩා එහා ගිය පාරිබෝගිකයන් ආකර්ෂණය කරගැනීමට සමත් අලෙවිකරණ උපායමාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.
වෙළඳපොල තුළ ඒකාකාරිත්වයෙන් මිදිලා තමන්ගේම අදහසක් ඉදිරියට ගෙනියන්න මේ පොස්ට් එක දැකලා කව්රුහරි උත්සහ කරනවානම් ඒක තමයි වෙන්න ඕනේ. Agriculture Marketing (කෘෂිකාර්මික අලෙවිකරණය) අදවෙනකොට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තත්වයට පත්වෙමින් පවතිනවා. ලංකාවේ විශාල වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන අතර ඉතාමත් අඩු ප්‍රමාණයක් අගය එකතු කළ නිෂ්පාදනයන් ලෝක වෙළඳපොළට ඉදිරිපත් කරයි.
විවිද රටවල් අපෙන් අපේ කෘෂි නිෂ්පාදන විශාල තොග ලෙස ආනයන කර ඔහුන්ගේ රටවල් තුල අගය එකතුකළ නිෂ්පාදන නිෂ්පාදනය කර ඉතා විශාල වශයෙන් ලාභ ලබමින් සිටිනවා.
මේ ආකාරයේ නිෂ්පාදනයන් ඇසුරුම්කරණයේ (Packaging) සහ නිර්මානශිලිත්වයේ (Creativity) අභාෂය ලබලා ඉතාමත් ඉහළ ලාභයක් අලෙවිකරුවන්ට ලබාදෙමින් වෙළඳපොළ තුළ අලෙවි වෙමින් පවතී.
මෙවැනි දෑ සියලුදෙනාටම දැකගැනීමට Share කරන්න අමතක කරන්න එපා..
මේ පොස්ට් එක දාන්න අදහස අවේ upali kodikara දමා තිබු picture එකක් දැකීමෙනි. එයට ඔබට ඉස්තුතිවන්ත වෙනවා..