Type Here to Get Search Results !

මියගිය තම පෙම්වතියගේ උපන්දිනය සැමරූ පෙම්වතා


ජීවිතේ තිබ්බ එක හීනයක් ඉවර උනා.ඒත් බබා ඔයා හිටියනම් මීට වඩා හොදට හැමදේම වෙනවා.ඔයාගෙ අඩුව හැමෝටම දැනුනා.කාටත් දුකයි ඔයා නැති එකට.හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි බබා.සොරි මැනික ඔයාගෙ අම්මටයි තාත්තටයි හොරාට ඔයාගෙ බර්ත්ඩේයි කේක් එක කැපුවට.එයාලට ඒ වේදනාව දරාගන්න බෑ පැටියෝ.ඒකයි එහෙම කරන්න උනේ.

දානෙ වැඩ වලට උදව් කරපු හැමෝටම ගොඩාක් පිං.ගොඩාක් අය සෑහෙන්න උදව් කරා.නම් ගම් කියන්න බැරි තරම්.ඒ වගේම පහන් පූජාවට උදව් කරපු අති පූජ්‍ය නාගොඩ ශ්‍රද්ධාලෝක ස්වාමීන් වහන්සේ,රුමේශ් මල්ලි ඇතුලු යාලුවො හැමදෙනාම අනේ ඇත්තටම අපිට ගොඩාක් ශක්තියක් උනා.ඔයාලට ගොඩාක් පිං අපිට මේ වෙලාවෙ උදව් කරනවට.මගේ බබාට මේ තරම් පිරිසක් උදව් කරනව කියල දැනෙද්දි එයාට ගොඩාක් ආදරෙයි කියල දැනෙද්දි දුකින් උනත් පොඩි හරි සතුටක් දැනුනා.ඔයා හැමෝගෙන්ම ආදරේ අරන් ඉක්මන්ම ගියා නේද පැටියෝ.

ඉන්න තැනක සතුටින් ඉන්න මැනික.අපි දන්නවා ඔයා හොද තැනක ඉන්නව කියල.පුලුවන් නම් උපදින හැම ආත්මයකම මගේම වෙන්න.එච්චරයි මං ඔයාගෙන් ඉල්ලන්නෙ. 

Tharindu Dhananjaya (පෙමවතා)




Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads